Chordyes

Gawahale Piduru Mitiya

Rookantha Gunathilake의 Gawahale Piduru Mitiya 가사

Intro Chorus 1 ගවහලේ පිදුරු මිටිය මට වෙන්නට තිබුණා නම් ගවහලේ වසු පැටවකු මට වෙන්නට තිබුණා නම් මා කෙතරම් වාසනාවන්තද මා කෙතරම් සන්තෝසද අප රටේ නත්තල් දා සාමය තිබුණා නම් Interlude Verse 1 පට පිළි දවටා විලිවුන් ඇඟලා යනවා අපි පල්ලි රතිඤ්ඤා පුපුරා රුපියල් වනසා මත් වි සතුටු වෙවී ගිනිගෙන දැවෙනා වැලි කතරේ නත්තල තනිවීලා තල් අතු මැදුරේ හෙණ හඬේ නත්තල නැවතීලා පොඩ්ඩක් හිතන්න සුමිතුර අපේ රටේ උතුර Chorus 2 ගවහලේ තරු කිරණක් මට වෙන්නට තිබුණා නම් ගවහලේ පිදුරු මිටිය මට වෙන්නට තිබුණා නම් Interlude Verse 2 ආසියාවේ ඉපදුන ජේසු අපේ රටට එන්න සැවොම බලාගෙන ඉන්නේ සමිඳුනි ඔබ එනතුරු ලොවට කුසගිනි නැගෙනා පැල්පතේ නත්තල නැවතීලා යුද ගිනි නැගෙනා නගරයේ නත්තල නවැතීලා පොඩ්ඩක් හිතන්න සුමිතුර අපේ රටේ උතුර Chorus 3 ගවහලේ පිදුරු මිටිය මට වෙන්නට තිබුණා නම් ගවහලේ තරු කිරණක් මට වෙන්නට තිබුණා නම් Outro මා කෙතරම් වාසනාවන්තද මා කෙතරම් සන්තෝසද මා කෙතරම් වාසනාවන්තද මා කෙතරම් සන්තෝසද අපි කෙතරම් වාසනාවන්තද අපි කෙතරම් සන්තෝසද