Intro
Verse 1
නමදින්නම් මා ඔබ සමිඳේ
අබ්බාපියානණී
ඉල්ලන්නම් වරමක් ඔබෙන්
ඔබ මාගේ හඬ අසනා බැවින්
Chorus 1
ඔබේ වචනයේ ලියලා තිබෙනා
මේ පොළොවේ උරුමය ලබනා
ලෙස මා සකසන්න යැයි කියා..//
ඔබ මට ආශිර්වාද කරන්න
මගේ සීමාවන් ඔබ පුළුල් කරන්න
ඔබගේ අත දිගුකොට මට දුක්
නොවනසේ මා රැකගනු මැන...//
Interlude
Verse 2
පොරොන්දු දුන්නේ ඔබයි සමිඳේ
එය කඩන්න ඔබ මිනිසෙකු නොවේ
වහල්කමෙන් හා පීඩාවෙන්
ඔබ මා දිවි මුදනා බැවින්
Chorus 2
මම තව දුර්වල නෑ කියලා
මම තව අසරණ නෑ කියලා
අන් සියළු දෙනා මට පවසනසේ..//
ඔබ මට ආශිර්වාද කරන්න
මගේ සීමාවන් ඔබ පුළුල් කරන්න
ඔබගේ අත දිගුකොට මට දුක්
නොවනසේ මා රැකගනු මැන...//
Pre-Chorus
ඔබ මට ආශිර්වාද කරන්න
මගේ සීමාවන් ඔබ පුළුල් කරන්න
ඔබගේ අත දිගුකොට මට දුක්
නොවනසේ මා රැකගනු මැන...//
Outro