Intro
Chorus 1
ගවහලේ පිදුරු මිටිය මට වෙන්නට තිබුණා නම්
ගවහලේ වසු පැටවකු මට වෙන්නට තිබුණා නම්
මා කෙතරම් වාසනාවන්තද
මා කෙතරම් සන්තෝසද
අප රටේ නත්තල් දා සාමය තිබුණා නම්
Interlude
Verse 1
පට පිළි දවටා විලිවුන් ඇඟලා
යනවා අපි පල්ලි
රතිඤ්ඤා පුපුරා රුපියල් වනසා
මත් වි සතුටු වෙවී
ගිනිගෙන දැවෙනා වැලි කතරේ
නත්තල තනිවීලා
තල් අතු මැදුරේ හෙණ හඬේ
නත්තල නැවතීලා
පොඩ්ඩක් හිතන්න සුමිතුර අපේ රටේ උතුර
Chorus 2
ගවහලේ තරු කිරණක් මට වෙන්නට තිබුණා නම්
ගවහලේ පිදුරු මිටිය මට වෙන්නට තිබුණා නම්
Interlude
Verse 2
ආසියාවේ ඉපදුන ජේසු
අපේ රටට එන්න
සැවොම බලාගෙන ඉන්නේ සමිඳුනි
ඔබ එනතුරු ලොවට
කුසගිනි නැගෙනා පැල්පතේ
නත්තල නැවතීලා
යුද ගිනි නැගෙනා නගරයේ
නත්තල නවැතීලා
පොඩ්ඩක් හිතන්න සුමිතුර අපේ රටේ උතුර
Chorus 3
ගවහලේ පිදුරු මිටිය මට වෙන්නට තිබුණා නම්
ගවහලේ තරු කිරණක් මට වෙන්නට තිබුණා නම්
Outro
මා කෙතරම් වාසනාවන්තද
මා කෙතරම් සන්තෝසද
මා කෙතරම් වාසනාවන්තද
මා කෙතරම් සන්තෝසද
අපි කෙතරම් වාසනාවන්තද
අපි කෙතරම් සන්තෝසද